අප ගැන

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල, මැදගම හා බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල හා පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මායිම්ව පිහිටා ඇත. කොට්ඨාසයේ භූ විෂමතා ලක්ෂණ සැළකිල්ලට ගන්නා විට මුහුදු මට්ටමේ සිය අඩි 500ත් 4500ත් අතර, පිහිටි උස් බිම් ප්‍රදේශය පුරා විහිදී ඇති අතර, ප්‍රදේශයේ මුළු භූමි ප්‍රමාණයෙන් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් බෑවුම් සහිත ප්‍රදේශ වේ.
 
ලුණුගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සඳහා මෙම ලුණුගල යන නම ලැබීම සහ ප්‍රදේශයේ උපත පිළිබඳව තොරතුරු ගවේෂණය කිරීමට ඓතිහාසික තොරතුරු හා ජනප්‍රවාදයේ ඇති තොරතුරු ඉතා වැදගත් සේ පෙනේ. ලුණුගල වන නමට අමතරව මෙම ප්‍රදේශය පට්ටිපොල කොරළය නමින්ද හඳුන්වා ඇත. මෙම නම් දෙකම එකම කාරණාවක ප්‍රතිඵලයකි, අතීතයේ වෙළඳුන් තම ලුණු වෙළඳාම කර ගෙන යාමට මෙම ප්‍රදේශය යොදා ගෙන ඇත. ලුණු වෙළඳාමේ හුවමාරු මධ්‍යස්ථානය වූ ප්‍ර දේශය ලුණුගල ලෙස ව්‍යවහාර කර ඇත. එසේම ලුණු ප්‍රවාහනය සඳහා යොදා ගත ගවයන් පට්ටි වශයෙන් ගාල කර තැබීම හේතුවෙන් පට්ටිපොල ලෙසද ව්‍යවහාර කර ඇත.
තව කියවන්න…

අපගේ සේවාවන්...

ලුණුගල ප්‍රාදේශීය සභාවෙන් සපයන සේවාවන්ගෙන් බිඳක්..

මහජන සෞඛ්‍ය

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල ආහාර පාන වෙළද සැල් පරීක්ෂා කරමින් මහජන සෞඛ්‍යය හා සනීපාරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පරීක්ෂා කිරීම් සිදුකිරීම හා නියාමනය කිරීම.

අනුකූලතා සහතික නිකුත් කිරීම

මෙම සහතිකය නිකුත් කරනු ලබනුයේ යම් ගොඩනැගිල්ලක් අනුමත මානක සැලැස්මට අනුකූලව ඉදිකර ඇති බව දැක්වීම සදහාය. ගොඩනැගිල්ල ඉදි කල පසු එහි පදිංචි වීමට පෙර ප්‍රාදේශීය සභාව වෙතින් මෙය ලබා ගත යුතුය.

කසල ඉවත් කිරීම

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල එක් රැස්වන කැලි කසල අපහරණ කටයුතු සිදු කරමින් ප්‍රදේශය පවිත්‍රව සහ සනීපාරක්ෂිතව පවත්වාගෙන යාම සදහා විශාල සේවක සංඛ්‍යාවක් සහ ට්‍රැක්ටර් රථ යොදවා ඇත.

පුස්තකාල සේවා සැපයීම

බල ප්‍රදේශයේ මෙන්ම ඉන් පිටත පුද්ගලයින්ගේ කියවිමේ හැකියාව වර්ධනය කිරිමේ අරමුණින් ලුණුගල පුස්තකාලය ලුණුගල ප්‍රාදේශීය සභාව විසින් මෙහෙයවනු ලබන අතර මෙම පුස්තකාලය පළමු ශ්‍රේණියේ පුස්තකාලයක් ලෙස ක්‍රියාත්මක වනු ලැබේ.

එම්.පී.මංජුලා ද සිල්වා
සභා ලේකම්

සභා ලේකම් තුමියගේ පණිවිඩය...

ලුණුගල ප්‍රාදේශීය සභාවේ නිල වෙබ් අඩවිය සඳහා සුභපැතුම් එක් කිරීමට අවස්ථාව ලැබීම  පිළිබඳව මා අතිශයින්  සතුටට පත්වෙමි.
පළාත් පාලන ආයතනයක කාර්යභාරය වනුයේ උපයෝගිතා සේවාවන් පොදු මංමාවත් පිළිබඳ සියළු කරුණු  බල ප්‍රදේශයේ සීමා තුල විධිමත් කිරීම, පරිපාලනය කිරීම මෙන්ම සාමාන්‍ය ජනතාවගේ සුඛ විහරණය, පහසුකම්, සුබසාධනය, බල ප්‍රදේශයේ සැප විහරණ ක්‍රම ආරක්ෂා කිරීම හා වැඩිදියුණු කිරීමය.