පස්සර ප්‍රදේශීය සභාවෙන් ලුණුගල ප්‍රාදේශීය සභාව නමින් 2011.04.01 දින අංක 1672/8 සහ 2009.09.21 දිනදී අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් නව ප්‍රාදේශීය සභාවක් සංස්ථාපනය කරන ලදී. ග්‍රාම නිලධාරී වසම් 28 කින් සමන්විත මෙම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයටත්, බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත්,පස්සර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයටත්,බිබිල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයටත්, මායිම් වූ වපසරිය වර්ග කිලෝමීටර් 142.7 ක් විශාලත්වයකින් පිහිටා ඇත.ප්‍රධාන වශයෙන් වී ගොවිතැන සහ වෙනත් කෘෂිකාර්මික බෝග වගාවලින් සපිරි මෙම බල ප්‍රදේශයේ වැඩිමනක් ලෙස තේ වගාවෙන් ස්වයංපෝෂිත වී ඇත. මැණික් කර්මාන්තයට මුල් තැනක් දෙමින් සිංහල, මුස්ලිම් , දමිළ, ජනතාව ජීවත් වන අතර බුද්ධධර්මය, ඉස්ලාම් ධර්මය හා හින්දු ධර්මය ආගමික වශයෙන් අදහන සර්ව ආගමික සහජීවනයෙන් යුතුව ජීවත් වීම විශේෂයකි