අරවාකුඹුර දිය ඇල්ල

අරවාකුඹුර දිය ඇල්ල, ලුණුගල හා බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට මායිම්ව පිහිටා ඇත. මෙම දිය ඇල්ල අඩි 140 ක් පමණ වන අතර තෙිහාසික වශයෙන් වැදගත් කමක් උසුලන මූලාශ්‍රයක් මෙතෙක් හමුවී නැති අතර, දිය ඇල්ලේ බහළින් දේවාලයක් පවතී.එසේම මෙම දිය ඇල්ලට පහළ ගංගාවේ පහනක් ස්වරූපය ගත් ගත් ගල් වලක් ඇත.එය පානවල නමින් හදුන්වනු ලබන අතර එහි ඓතිහාසික වටිනාකම පිළිබද මෙතෙක් තොරතුරු සහ මූලාශ්‍රයන් සොයා නොමැත. ඇල්ල අවට භූමියේ අරලු, බුලු , නෙල්ලිවැනි දේශීය ඖෂධ වර්ග රාශියක් දක්නට ලැබේ.