පීස්ස දිය ඇල්ල

මෙම ස්ථානයට ලුණුගල නගරයේ සිට දුර සැතපුම් 08 කි. මඩකලපුව මාර්ගයේ 21 හා 22 සැතපුම් අතර පිහිටි පීස්සගම පාරේ සැතපුම් 04 ක් ගිය තැන පීස්සගම හමුවේ. දිය ඇල්ල මීටර 45 ක් පමණ උසය. මෙම දිය ඇල්ල කැලෑවක පිහිටා ඇති නමුත් පීස්ස ගම්මානයෙන් ද එම ගමේ පාසලෙන් ද දැක ගත හැකිය. ලූණුගල කඳුවැටියේන් මෙම ජල ධාරාව ආරම්භ වේ. එය නියඟය තුළ පවා නොසිඳෙන දිය දහරාවකි. අවට ගම්වල වතුවල ජල සම්පාදනය සඳහා ජල සම්පතකි. එයට කුඩා ජලවිදුලි බලාගාරයක් ද තිබේ.


මෙම දිය ඇල්ලේ වැදගත්ම අංග වන්නේ එහි ඇති ගුහාවයි. ගුහාවේ පිවිසුම දිය ඇල්ලෙන් ආවරණය වේ. නමුත් මෙම ගුහාවට දිය ඇල්ලේ පැත්තෙන් ඇති අඩි පාරෙන් පිවිසිය හැකිය. ජන කතා වලට අනුව වලගම්බා රජු එය ආරක්ෂක ස්ථානයක් ලෙස භාවිතා කර ඇත. විශාල ගල් කුට්ටි භාවිතා කිරීමෙන් මෙම අඩි පාරේ පියවරවල් ඉදිකර ඇත. එය අනුරාධපුර යුගයේ ජීවත් වූ යොධයන් විසින් සිදු කරන ලද කාර්යයන් ලෙස විශ්වාස කරයි.


මෙම දිය ඇල්ලට ළඟා වීමට ඔබ බදුල්ල – බිබිල ප්රධාන මාර්ගයේ ගමන් කළ යුතුය. සමීපතම නගර වන්නේ පස්සර සහ ලුණුගල ය. පස්සර නගරය පසු කිරීමෙන් පසු බිබිල දෙසට කිලෝමීටර් 10 ක් පමණ ගමන් කළ යුතු අතර දකුණු පෙදෙසෙහි පීස්ස ඇල්ලෙහි නාම පුවරුවක් දැකිය හැකිය. එම ස්ථානයෙන් ආරම්භ වන මාර්ගයේ කිලෝමීටර 6 ක් පමණ දුරින් ඇති අඩි පාර මගින් කැලැවට පිවිසීමට සිදු වේ. එම අඩි පාරේ, දිය ඇල්ලට ළඟා වීමට තවත් මීටර් 500 ක් පමණ ඇවිදගෙනය.